ජර්මන් ජාතික ප්රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වූ කාර්ල් ලැගර්ෆෙල්ඩ් අවුරුදු 85ක් ආයු වළඳා අභාවප්රාප්ත වී තිබේ.
චැනෙල් සහ ෆෙන්ඩි නිර්මාණ අධ්යක්ෂවරයා මෙන්ම, මෝස්තර නිර්මාණ ක්ෂේත්රයේ නම ගිය පුද්ගලයෙකු වන ඔහු සිය ජීවිතයේ අවසානය තෙක්ම නිර්මාණකරණයේ යෙදුණු අයෙකි.
එමෙන්ම, ප්රමුඛතම විලාසිතා නිර්මාණ සන්නාමයක් වන එච් ඇන්ඩ් එම් සමග එක්ව ඔහුගේම සන්නාම කිහිපයක්ද එළිදැක්වීමට ඔහු කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, මීට සති කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහුට, ලොව ප්රමුඛතම මෝස්තර නිර්මාණ තරග කිහිපයක්ද මගහැරුණි.
ඔහුගේ වියෝවත් සමග ලොව පුරා ප්රමුඛතම මෝස්තර නිර්මාණ ශිල්පීන් සහ සමාගම් ඔහු වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට ඉදිරිපත්ව සිටියි.