රුසියානු ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන දිමිත්‍රි පෙස්කෝවාගේ දියණිය, යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ පුහුණුව සඳහා සේවය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.
ඇයගේ මෙම සේවා කාලය පසුගිය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට ආරම්භ වී ඇති අතර, එය ලබන අප්‍රේල් දක්වා දිවයන බව කියැවෙයි.
කෙසේ වෙතත්, යුරෝපා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන සාකච්ඡා සහ විවාද අවස්ථාවලට ඇය සහභාගී වීම සම්බන්ධයෙන් ඇතැමෙකු සැකමුසු බැල්මක් යොමුකර තිබේ.
නමුත්, එම පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකාව කියා සිටියේ ඇයට මෙම පාර්ලිමේන්තුව තුළදී පරිහරණය කිරීමට හැකිවන්නේ පොදු තොරතුරු පමණක් බවය.
එලිසවේටා පෙස්කෝවා පැරීසියේ නීතිය හදාරමින් සිටින අතර, ඇය මේ වනවිටත් පැරීසිය තුළ මෙන්ම ලොව පුරා ජනප්‍රියත්වයට පත් සමාජ මාධ්‍ය තාරකාවකි. ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ 80,000කට ආසන්න පරිශීලකයන් පිරිසක් සිටිති.
දැනට වසර කිහිපයක සිට ප්‍රංශයේ ජීවත් වන ඇයගේ පියා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින්ගේ සමීපතමයෙකු වීම නිසා මෙම දියණිය ගැන වැඩි අවධානයක් යොමුවීමට හේතු වී තිබේ.