කාෂ්මීරයේ ඉන්දීය පකිස්තාන දේශසීමාවේ ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් පුහුණුව ලබන කඳවුරක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියාව පවසයි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රාජ්‍යයන් දෙක අතර ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්ර කළ අවස්ථාවක් ලෙස මෙම ගුවන් ප්‍රහාරය හඳුන්වයි.
තවදුරටත් එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබුණු අතිශය විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉන්දීය විදේශ ලේකම් විජේ ගොකාලේ පවසයි.
මෙම කඳවුර ජයීෂ්-ඊ-මොහම්මඩ් ජිහාඩ් ත්‍රස්ත සංවිධානයට අයත් පුහුණු කඳවුරක් බව පැවසූ ලේකම්වරයා, පසුගියදා පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකිව යුතු පාර්ශ්වය ඔවුන් බව කියයි.
ඉන්දියානු ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ත්රස්තයන් ආසන්න කාලසීමාවේදී එල්ල කළ දරුණුතම ප්‍රහාරය පෙබරවාරි 14දා එල්ල කෙරුණු එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව කියවුණි.
කෙසේ වෙතත්, ඉන්දියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානය විදේශ අමාත්‍ය ෂාහ් මහමූද් කුරේෂි නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථානයට අභියෝග නොකරන ලෙස අනතුරු අඟවා තිබේ.