නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව කොරෝනාවෙන් මියගිය ඇමෙරිකානුවන්ට වෙන්වේ
- 24 05 2020
- 07:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉරිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ඇමරිකානුවන්ගේ නම් ලැයිස්තුවක් සමග මුද්‍රණය කර තිබේ.
ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී, වසංගතයට ගොදුරුව මියගිය අය සිහිකරනු වස් මෙවර මුල් පිටුවේ මියගිය ඇමෙරිකානුවන් 1,000ක් හෝ එක්සත් ජනපද කොවිඩ්-19 මරණවලින් 1%ක් පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය දක්වා ඇත්තේ "ඇමෙරිකානු මරණ 100,000කට ළඟයි, ගණනය කළ නොහැකි පාඩුවක්..." යනුවෙනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
