න්යෂ්ටිකහරණයට උ.කොරියාවට නිශ්චික කාලපරාසයක් නෑ - ට්‍රම්ප්
උතුරු කොරියාවට සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණය වීමට නිශ්චිත කාල පරාසයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කලබලයට පත්නොවිය යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු ක්‍රියාවලිය වඩාත් වේගවත් විය යුතු බවට මීට පෙර ට්‍රම්ප් පළ කළ අදහසක් සම්පූර්ණයෙන් කණපිට හැරවීමක් බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඓතිහාසික හමුවක් සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, මෙහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී, ඇති කරගත් සිංගප්පූරු සම්මුතියෙහි මෙම කාරණා ඇතුළත් වුවත් එම න්‍යෂ්ටිකහරණය වෙනුවෙන් නිශ්චිත කාලසීමාවක් එහි දක්වා නොතිබුණි.
කෙසේ වෙතත්, පසුගිය ජුනි මස 12 වැනිදා නායක දෙපළ අතර සිදුවූ සාකච්ඡාවලින් පසුව මෙම න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය ඉතා මන්දගාමී ස්වරූපයකින් ඉදිරියට යන බව විදෙස් මාධ්‍ය පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

