නවසීලන්තයේ ගිනිකඳු පිපිරීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදී ඒ අවට සිටි සංචාරකයන් පිරිසක් පිළිබඳ තොරතුරු නොමැති බව විදෙස් වාර්තා පවසයි.
වයිට් අයිලන්ඩ් හි සිදුවූ මෙම ගිනිකඳු පිපිරිම සිදුවීමට මොහොතකට පෙර මෙම සංචාරකයන් පිරිස ඒ ආසන්නයට ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබුණි.
එම අවස්ථාවේදී සංචාරකයන් 50ක් පමණ සිටින්නට ඇති බවත්, දූපතේ සිට දිවි ගලවාගෙන පැමිණි එක් සංචාරකයෙකුද දැඩිව තුවාල ලබා සිටි බවත් සඳහන් වෙයි.
වයිට් අයිලන්ඩ් හෝ වකාරි ලෙස සඳහන් කෙරෙන මෙම දූපත නවසීලන්තයේ උතුරු දූපතට ඔබ්බෙන් වූ කුඩා දූපතක් වන අතර, නවසීලන්තයේ වඩාත් සක්රීයම ගිනි කඳු සහිත දූපත ලෙසද සැලකෙයි.
ඉන් ඔබ්බට මෙම දූපත නවසීලන්තයේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් දූපතක් ලෙසද සැලකෙයි.