වයිට් අයිලන්ඩ් ගිනි කන්ද විදාරණයට ලක්ව සතියක් සනිටුහන් කරමින් නවසීලන්තයේ විනාඩියක නිශ්ශබ්දතාවයක් සනිටුහන් කර තිබේ.
මෙම ගිනි කන්ද විදාරණය වූ නිශ්චිත මොහොත වන නවසීලන්ත වේලාවෙන් ප.ව.02.11 ට ඉන් විපතට පත්වූවන් සිහිකිරීම සිදුව ඇත.
මෙම අනතුරත් සමග දූපතෙන් ඉවත සාගරයේ ඇතැයි විශ්වාස කෙරෙන මළ සිරුරු දෙකක් තවමත් අතුරුදන්ව ඇති අතර මරණ 16ක් ලෙස තහවුරු වී තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටිති.
ඉරිදා දිනයේදී කිමිදුම්කරුවන් අතුරුදන් වූවන් සාගරයේ සෙවූ නමුත්, ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන්ට හමුවී නොතිබුණි.
"මෙය දුෂ්කර හා අඛණ්ඩ කාර්යයක්" යැයි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ජෝන් ටිම්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මළ සිරුරු සොයා ගැනීමට පොලීසිය කැපවී සිටින බවද ප්‍රකාශ කරමිනි.