නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාමේ පළමු වැනි ගොදුර ලෙස පොලීසිය නිල වශයෙන් නම් කිරීමක් සිදුකර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, මෙල්බරන් නුවර සිට සිය පවුලේ අය සමග මෙම දිවයිනේ සංචාරයකට පැමිණි ක්‍රිස්ටල් ඒව් බ්රොවිට් නමැති 21 හැවිරිදි තරුණියක මෙම අනතුරේදී මියගිය පළමු තැනැත්තිය ලෙස නිල වශයෙන් නම් කර ඇත.
මෙම අනතුරින් ඇයගේ පියා වන පෝල් සහ සහෝදරිය ස්ටෙෆනි දෙදෙනාම බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටිති.
පසුගිය සඳුදා දිනයේදී හදිසියේම විදාරණයට ලක්වූ මෙම ගිනිකන්ද හේතුවෙන් මේ වනවිට නිල වශයෙන් මරණ 15ක් තහවුරු වී ඇති අතර පුද්ගලයින් 20 දෙනෙකු පමණ දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇත.