අප අතර ඉතා දුෂ්ටයාට පවා දෙවියන් වහන්සේ ආදරය කරන බව පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් පවසා සිටියහ.
නත්තල් උදාව සිදුවූ ඊයේ (24දා) රාත්රියේ වතිකානුවේ ශාන්ත පීතර දෙව්මැදුර වෙත පැමිණ සිටි දහස් ගණන් කිතුණු ජනයා අමතමින් පාප් තුමන් මෙසේ පැවසූහ.
ඔබ තුළ වැරදි අදහස් තියෙන්න පුළුවන්. ඔබ බොහෝ වැරදි වැඩ සිදුකර තිබෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට තවදුරටත් ආදරය දක්වනවා ආර්ජන්ටිනානු ජාතික පාප් තුමන් කියා සිටියහ.
විශේෂයෙන්ම පල්ලිය තුළ සිදුව ඇති ඇතැම් ලිංගික හිංසනයන් සම්බන්ධයෙන්ද පාප් තුමන්ගේ පණිවුඩය තුළ යම් පණිවුඩයක් ගම්ය කර ඇති බව බීබීසී වාර්තාකරු පවසා තිබේ.
මේ අතර නත්තල් දින දේව මෙහෙය සඳහා පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් ශාන්ත පීතර බැසිලිකාවට පැමිණීමට නියමිතය.