නිකරගුවා රාජ්‍යයේ මාස දෙකකට අධික කාලයක් රජයේ හා විරුද්ධ පක්ෂ කණ්ඩායම් අතර පවතින ගැටුම් නැවැත්වීමට එකඟ වීමෙන් දිනකට පසුව යළිත් ප්‍රචණ්ඩක්‍රියා ඇවිලී තිබේ.
මෙහි දරුණුතම සිදුවීම ලෙස එකම පවුලේ 6 දෙනෙකු ඔවුන්ගේ නිවසට ගිනි තැබීමෙන් ඝාතනය කිරීමේ සිදුවීම වාර්තා කරයි.
රජයට පක්ෂපාතී කණ්ඩායම් විසින් මෙම ගින්න නිවා දැමීමට උත්සාහ කරන ආකාරය පෙන්වමින් හැසිරී ඇතත් එය ඔවුන් විසින්ම ඇති කර තිබූ ගිනි තැබීමක් බව විරුද්ධ කණ්ඩායම් පවසයි.
නිකරගුවා ජනපති ඩැනියෙල් ඔර්ටේගාට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ ඇරඹි ප්‍රචණ්ඩක්‍රියා නිසා මේ වනවිට පුද්ගලයන් 170කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, මේ අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව නිකරගුවා රජය පවසයි.
මියගිය පිරිස මෙට්ට වෙළෙඳ සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන් එම වෙළෙඳ සැල ඉහළ මහලේ ජීවත්ව ඇති බවද අනාවරණය වී තිබේ.