ක්රීඩා ඇඟලුම් අලෙවියේ නිරත ප්රංශයේ ඩිකැතලොන් ආයතනය ධාවන ක්රීඩිකාවන් සඳහා පැළඳිය හැකි හිජාබ් අලෙවිය ජනතා විරෝධතා හමුවේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
තම ආයතනය වෙත දිගින් දිගටම ගලා ආ චෝදනා සහ ඇතැම් තර්ජන හේතුවෙන් මෙම නිෂ්පාදනය අලෙවියෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ඔවුන් සඳහන් කර ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.
ප්රංශ දේශපාලඥයෙකු සඳහන් කර තිබුණේ ධාවන ක්රීඩිකාවන් හිජාබ් පැළඳීම ප්රංශය තුළ පවතින ලෞකික අගයන් හෑල්ලුවට ලක්කරන්නක් බවයි. එමෙන්ම, ඇතැම් දේශපාලඥයන් මෙම නිෂ්පාදනය තහනම් කරන ලෙස පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඩිකැතලොන් ආයතනය මුලදී මෙම හිජාබ් පැළඳුම වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන් මොරොක්කෝව තුළ මෙය අලෙවි කරන බවද සඳහන් වෙයි.
ප්රංශයේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන් පොදු ස්ථානවල ඇඟලුම් පාවිච්චි කරන රටාව සම්බන්ධයෙන් මේ වනවිට එරට තුළ දැඩි කතාබහක් පැන නැගී ඇති අතර, ප්රංශයට එල්ල වූ ජිහාඩ් ත්රස්ත ප්රහාර සමග මේ සම්බන්ධයෙන් ජාතිකවාදී පිරිස්වල නැගී සිටීමෙන් මෙවැනි නිෂ්පාදන කෙරෙහි ජනතා කෝපය ඉහළ යෑමට හේතු වී තිබේ.