ධනවත් රටවල් එන්නත් වැඩි වශයෙන් බෙදාගන්න -WHO
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 92ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් බෙදාදීම වේගවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ධනවත් රටවලින් ඉල්ලා සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සූදානම සහ ප්‍රතිචාර පිළිබඳ ස්වාධීන මණ්ඩලයේ හිටපු සම-සභාපතිවරුන් වන ලයිබීරියාවේ හිටපු ජනාධිපතිවරයෙකුද වන එලන් ජොන්සන් සර්ලීෆ් සහ නවසීලන්තයේ හිටපු අගමැතිවරියක වන හෙලන් ක්ලාක්ද, මීට පෙර නිකුත් කළ වාර්තාවේ සැප්තැම්බර් 1දා වනවිට එන්නත් මාත්‍රාවන් බිලියන 1ක් බෙදාදෙන ලෙසත්, 2022 මැද භාගය වන විට තවත් බිලියනයක ප්‍රමාණයක් බෙදාගන්නා ලෙසත් පවසා තිබුණි.
නමුත් පළමු නියමිත දිනට ළඟාවෙමින් තිබුණත්, ඉහළ ආදායම් ලබන රටවල් තම එන්නත් මාත්‍රාවන් ප්‍රමාණවත් තරම් දුගී සහ අඩු ආදායම් ලබන රටවලට බෙදා නොදීම පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පළකර තිබේ.
එම හිටපු සම-සභාපතිවරු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ: "මේ වනවිටත් පොරොන්දු වී ඇති මිලියන 600 මාත්රාවන්වත් වහාම ලබාදීමට කටයුතු කරන්න." යනුවෙනි.
මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් බිලියන 5.29ක් ලොව පුරා පරිපාලනය කර ඇති අතර, ලෝක ජනගහනයෙන් 39.5%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත. නමුත් එන්නත් ඒකාකාරව බෙදා දී නොමැත-සමහර අඩු ආදායම්ලාභී රටවල පළමු මාත්‍රාව ලබාගෙන ඇත්තේ 1.7%ක ජනතාවක් පමණි.
කෙසේ වෙතත් බොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට ඇහුම්කන් නොදෙන බවක් පෙනෙන්නට තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

