දූෂණ චෝදනා ලැබූ ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට
ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිප්පන් චිදම්බරම් දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව තිබේ.
තමන් මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේදී විදේශ ආයෝජන කිහිපයක් වෙනුවෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
73 හැවිරිදි වියේ පසුවන චිදම්බරම් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දීය කොංග්‍රසය හෙවත්, ප්‍රධාන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන චිදම්බරම්, වර්ෂ 1984 සිට ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. එමෙන්ම, ඔහු ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.
මධ්‍යම විමර්ෂණ කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් එම අවස්ථාවට බාධා කර ඇති බවද කියැවෙයි.
මේ අතර, අත්අඩංගුවට පත්වීමට පෙර දින ඔහුගේ නිවසට පැමිණි එම කාර්යාංශයේ නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති බවද ඉන්දීය වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

