දුරස්ථ නොවූවොත් කොවිඩ් ලැව්ගින්නක් සේ පැතිර යාවි
මිනිසුන් සමාජ දුරස්ථකරණය නොසලකා එක පොදියට රැඳෙන්න ගියොත්, කොවිඩ්-19 වෛරසය ලැව්ගින්නක් සේ පැතිර යා හැකි බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියේය.
"මේ වෛරසයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී හැකියාවක් සහ කාර්යක්ෂමතාවයක් පවතිනවා. ලැව් ගින්නක් සේ පැතිරීමේ විශාල හැකියාවක් මේ වෛරසය සතු බව අප දන්නවා. එය අප පොදුවේත්, හුදකලා සිදුවීම් ලෙසත් දැක තිබෙනවා." වෛද්‍යවරයා කීවේය.
එහිදී යූඑස්එස් ටෙඩි රූස්වෙල්ට් ගුවන්යානා හාරක නෞකාව සහ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව ආශ්‍රිතව වෛරසය වේගයෙන් පැතිර ගිය සිද්ධි වෛද්‍යවරයා උදාහරණ ලෙස ගෙනහැර දැක්වීය.
"ඔබ එකිනෙකා එක පොදියට ඉන්න ගියොත්, මා මේ දක්වා දැක තිබෙන වෙනත් ඕනෑම වෛරසයකට වඩා වේගයෙන් මේ වෛරසය ඉතා පහසුවෙන් ව්‍යාප්ත වන බව සක්සුදක් සේ පැහැදිලියි." ෆවුසි පැවසීය.
ඒ අනුව වෛරසය පැතිරීම අවම කිරීම සඳහා මිනිසුන් සමාජ දුරස්ථභාවය සහ වෙනත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් සහ මරණ වාර්තා විය හැකි බවට ඔහු අනතුරු අඟවා සිටියේය.
"ඔබට යම් දෙයක් අවම කිරීමට අවස්ථාව තිබියදීත්, ඔබ නොමේරූ ලෙස පසුපසට අදින්න ගත්තොත්, ඔබට තවදුරටත් ආසාදිතයන් බලාපොරොත් වෙන්න වෙනවා. මරණ බලාපොරොත්තු වෙන්න වෙනවා." ෆවුසි වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලෙස සිදුවන උද්ඝෝෂණවලදී මෙන්ම, සීමා ලිහිල් කර ඇති ඇතැම් ප්‍රාන්තවල බොහෝ දෙනෙකු මෙම සමාජ දුරස්ථකරණ නීති උල්ලංඝනය කරමින් හැසිරෙන අතර, වැඩි පිරිසක් මුඛ ආවරණයක් හෝ නොපැළඳ සිටින ආකාරය දැකිය හැකිය.




popular news
-
Kumar Thursday, 07 May 2020 10:23 PM
මේ වෛද්‍යවරයාගේ නම "ෆව්චි" හැටියටයි ශබ්ද කරන්නේ. ට්‍රුම්ප් මෙම වෛද්‍යවරයාව එලවගන්න හැදුවට හරිගියේ නැහැ. ජනාධිපති කියන වෛද්යමතයට විරුද්ද යම් උපදෙසක් දුන්නොත් එය වැරදි වග ජනධිගේ මුහුණටම වාර්තාකරුවන් ඉදරිපිට ප්‍රකාශ කරනවා. ඔහුගේ ජිවිතයට තර්ජන එල්ලවුණා නිසා ඔහුට රජයෙන් ආරක්ෂාව සපයනවා. ඒ ආරක්ෂාව ඔහු ප්ර්තික්ෂේපකලා. අනෙක අපි ඉන්න පැත්තේ 90% සුදු ජාතින් මුක ආවරණ පලදින්නේ නැතිවග කියන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

