දුගී ගොවීන්ගේ සියලු ණය මුදල් ගෙවාදැමීමට අමිතාබ් ක්‍රියා කරයි
ඉන්දියාවේ අධික ණයබරින් මිරීක සිටි ගොවීන් 1,398 දෙනෙකුගේ සියලු ණය මුදල් හෙවත් ඉන්දීය රුපියල් මිලියන 40ක මුදලක් ගෙවා දැමීමට බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ හා ජනප්‍රිය නළු අමිතාබ් භච්චන් කටයුතු කර තිබේ.
සිය බ්ලොග් අඩවියට සටහනක් තබමින් අමිතාබ් සඳහන් කරන්නේ මෙය තමාගෙන් ඉටුවිය යුතු කාර්යයක් ලෙස සලකා ගොවීන්ගේ ණය මුදල් ගෙවාදැමීමට ක්‍රියාකළ බවයි.
මෙසේ ඔහු ණය ගෙවීම සිදුකර ඇත්තෙ තම උපන් පළාත වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන්ගේ වීමද විශේෂත්වයකි.
ඉන්දියාව තුළ දස දහස් ගණනක් වූ ගොවීන් බොහෝවිට අධික ණය බර නිසා පීඩාවට පත්ව සිටින අතර, පවතින දැඩි නියං තත්ත්වය මෙන්ම, වර්ෂාපතනයේ වෙනස්වීම්, ඵලදායීතාව අඩුවීම මෙන්ම, ඔවුන්ට නවීන වගා ක්‍රමවෙත යොමුවීමට නොහැකිවීම යන කාරණා නිසා කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
මෙම තත්ත්වය නිසාම වර්ෂ 1995 සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනකට අධික පිරිසක් සියදිවි හානිකර ගෙන ඇති බවද වාර්තා වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

