දිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් මියගිය පිරිස 40කට වැඩි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
අද (08දා) පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණේ දිල්ලියේ පැරණි වීදියේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලකය.
ගින්න ඇතිවන අවස්ථාවේදී කර්මාන්ත ශාලාව තුළ විශාල පිරිසක් නින්දේ පසුවී ඇති අතර, මෙය ගමන් මලු නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් බව කියැවෙයි.
මුදාගැනීමේ කණ්ඩායම් සැක පහළ කරන්නේ ගින්නෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවටය.
ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් මෙය වටිනා ජීවිත නිරපරාදේ විනාශ වීමක් ලෙස සඳහන් කරන විට, අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය වූ ස්ථානයට අවශ්‍ය සියලු සහාය සේවා සපයමින් සිටින බව පවසා තිබේ.