දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, අකාලයේ ඇති වන ජලගැල්ම දිගටම පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා ඇත.
වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියානු රජය කාලගුණය ආශ්රිත ආපදා අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ඉහළ නැංවීමට පෙළඹී ඇත.
රටේ බටහිර වෙරළ තීරයේ දරුණුතම බලපෑමට ලක් වූ නගරය වන සියෝසන් හි දින භාගයක් තුළ මිලිමීටර් 400 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
කාලගුණ ඒජන්සිය පවසන්නේ එය වසර 100කට වරක් පමණ සිදුවූවක් ලෙසයි.




