දකුණු කොරියාව කොවිඩ්-19 සීමාවන් තවදුරටත් දැඩි කරයි
දකුණු කොරියාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමාජ දුරස්ථ නීති දැඩි කර ඇති අතර, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 1,615ක් දක්වා වාර්තාගතව ඉහළ ගොස් තිබේ.
පසුගිය සිකුරාදා වාර්තා කළ 1,378ක දෛනික ආසාදන වාර්තාව ඉන් අනතුරුව දිනපතාම පහසුවෙන් අභිභිවා ගොස් ඇත. එහිදී, වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම සහ එන්නත් කිරීමේ වේගය අඩුවීම මේ ආකාරයෙන් ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව කියයි.
කොරියාවේ රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පැවසුවේ සෝල් අගනුවර සහ ඩෙල්ටා ප්‍රභේදය මගින් අසල්වැසි ප්‍රදේශ ආසාදන පොකුරු වේගයෙන් වර්ධනය වී ඇති බවයි.
අග්‍රාමාත්‍ය කිම් බූ-කියුම් කියා සිටියේ, සමහර දකුණු ප්‍රදේශ හැරුණු විට, රටේ බොහෝ ප්‍රදේශවල දුරස්ථ නීති දැඩි කරන බවත්, 4 වැනි මට්ටමේ සීමාවන් 2 වැනි මට්ටම දක්වා දැඩි කරන බවත්ය.
2 වැනි මට්ටම යටතේ, පුද්ගලයින් 8 දෙනෙකුට වඩා රැස්වීම තහනම් කර ඇති අතර, අවන්හල් සහ බාර් මධ්‍යම රාත්‍රිය වනවිට වසා දැමිය යුතුය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

