තොරතුරු වැරදී බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් වෙනත් ගමනාන්තයකට
- 26 03 2019
- 00:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක ගුවන් තොරතුරුවල දෝෂයක් නිසා එම යානය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් ගුවන් තොටුපොළ වෙත වැරදීමකින් ගොඩබස්වා තිබේ.
කෙසේ වෙතත්, ජර්මනියේ ඩසල්ඩොෆ් වෙත ගමනාන්තය තිබූ මෙම යානයේ ගමන්ගත් මගීන් මේ බව දැනගෙන ඇත්තේ යානය ස්කොට්ලන්ත ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා, සැමදෙනාම එඩින්බර්ග් වෙත සතුටින් පිළිගන්නා බව පැවසූ විටය.
කෙසේ වෙතත්, එම යානය යළිත් නිවැරදි ගමනාන්තය වෙත පසුව යොමුකළ බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය පවසන පවසයි.
කෙසේ වෙතත්, මෙම බ්‍රිතාන්‍ය යානය ලීසිං පදනමක් මත ජර්මනියේ ඩබ්.ඩී.එල් ඒවියේෂන් යටතේ ගමන් කළ යානයක් බව පැවසෙන අතර, මෙසේ දෝෂ සහිත තොරතුරු අඩංගු වීම ගැන විමර්ෂණයක් අරඹා ඇති බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
