ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
තුර්කියට හා ග්‍රීසියට දැඩි හානි සිදුකරමින් ඊයේ (30දා) ඊජියන් මුහුදේ ඇති වූ රික්ටර් පරිමාණ. 7.0ක ප්‍රබල භූමිකම්පනයෙන් මේ වනවිට පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත් ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් කඩා වැටී ඇති නිසා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
භූ කම්පනයෙන් වැඩිම මරණ තුර්කියෙන් වාර්තා වන අතර, එරට බටහිර වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර, ග්‍රීසියේ සමෝස් දූපතේදී තාප්පයක් කඩා වැටීමෙන් තරුණයෙකු හා තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇත.
තුර්කියේ, ඉස්මීර් නගරයේ පමණක් අවම වශයෙන් ගොඩනැගිලි 20 ක් පමණක් විනාශ වූ බව නගරාධිපති ටන්ක් සෝයර් පවසයි. බොහෝ ගොඩනැගිලි වාහන මතට කඩා වැටී ඇති අතර, ඊයේ රාත්‍රිය වනවිටත් දිවි ගලවාගත් අය සෙවීම සඳහා සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදුවිය.
මෙම භූ කම්පනයෙන් තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 786 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි. දිවි ගලවා ගත් අය සෙවීම සඳහා යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, එහිදී පුද්ගලයන් රැසක් බේරාගැනීමටද හැකිවූ බව වාර්තා වෙයි.
මෙම ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන 196ක් වාර්තා වී ඇති අතර ඉන් 23ක විශාලත්වය රික්ටර් පරිමාණ 4.0 ඉක්මවා ඇති බව ඒජන්සිය වැඩිදුරටත් පවසයි. එසේම කඩා වැටුණු ගොඩනැගිලි 17ක සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන අතර ඉන් හතරක් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බව තුර්කියේ පරිසර හා නාගරීකරණ අමාත්‍ය මුරත් කුරුම් පැවසීය.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd