තායිලන්ත හා කාම්බෝජියා ගැටුම් නැවැත්වීමටත් ට්‍රම්ප් මැදිහත්වෙයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ, කාම්බෝජයේ සහ තායිලන්තයේ නායකයින් අමතා, දේශසීමා ගැටුම්වලින් පසුව වහාම සටන් විරාමයකයට යොමුවන ලෙස ඔවුන්ට බලපෑම් කළ බවයි.
තම ස්කොට්ලන්ත ගොල්ෆ් පිටි වෙත පෞද්ගලික සංචාරයක් ආරම්භ කිරීමට පෙර ජනපතිවරයා සිය සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ මේ බව සටහන් කළේය.
"රටවල් දෙක වහාම හමුවී ඉක්මනින් සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ අවසානයේ සාමය ඇති කිරීමට එකඟ වී ඇත!" යනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා පැවැසීය.
සටන් විරාමයක් වෙනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයාගේ මැදිහත්වීමට රටවල් දෙක ඔහුට ස්තූති කළේය. සටන් විරාමයක් සඳහා වූ ඔහුගේ ඉල්ලීම කාම්බෝජය පිළිගෙන ඇති අතර, තායිලන්තය දෙරට අතර සංවාදයක අවශ්‍යතාවය අවධාරණය කළේය.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පසුවත් ඊයේ රාත්‍රී දේශ සීමාව දිගේ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

