තවත් රාජකීය කුමාරයෙකු කොරෝනා ආසාදිත වෙලා
බෙල්ජියමේ ජෝකිම් කුමරු දකුණුදිග ස්පාඤ්ඤයේදී නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
28 හැවිරිදි රාජකීයයා ස්පාඤ්ඤයේ වූ තම මිතුරියකගේ පවුලේ අය සමග උත්සවයකට සහභාගී වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
බෙල්ජියමේ ෆිලිප් රජුගේ බෑණනුවන් වන ජෝකිම් මැයි 24 වැනි දින බෙල්ජියමේ සිට ස්පාඤ්ඤයට සංචාරය කළේය. මැයි 26 වන දින ඔහු අමුත්තන් 27 දෙනෙකු සමග කෝර්ඩෝබාහි පැවති උත්සවයකට සහභාගී වූ බව බෙල්ජියම් රජ මාලිගය කියයි. ජෝකිම් මැයි 28 වන දින කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත.
ඒ අනුව කුමරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්රසිද්ධියේ සමාව අයැදීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
"නිරෝධායන ක්රියාමාර්ගවලට ගරු නොකිරීම ගැන මම සමාව අයදිනවා. මේ ඉතා අසීරු කාලයේදී කිසිවෙකු අමනාප කිරීමට හෝ අගෞරව කිරීමට මා අදහස් නොකළ අතර, මගේ ක්රියාවන් ගැන දැඩි ලෙස කනගාටු වන අතරම, මා ලැබූ ප්රතිවිපාකය පිළිගන්නවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

