ඉන්දුනීසියාවේ, ලොම්බොක් දූපත තවත් ප්‍රබල භූ කම්පනයකින් සෙලවී ගිය බව විදෙස් වාර්තා පවසයි.
සති තුනකට ආසන්න කාලයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 476ක් අහිමි වූ වටපිටාවක අද (19දා) ඇති වූ භූ කම්පනය රික්ටර් පරිමාණ 6.3ක පසුකම්පනයක් ලෙස සටහන් වී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 7.9ක් ගැඹුරින් වාර්තා වී ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු වූ බවක් වාර්තා නොවෙයි.
කෙසේ වෙතත්, මෙකී භූ කම්පනයේ ප්‍රබලත්වය දූපතේ නැගෙනහිර ප්‍රදේශයට තදින් දැනී නොමැති බව පවසන විදෙස් වාර්තා, මෙම භූ කම්පනයත් සමග ජනතාව ගොඩනැගිලිවලින් පිටතට පැමිණ ජීවිත ආරක්ෂාවෙන් දිවගිය බව පෙන්වා දෙයි.