තලේබාන් සමග සටන් විරාමය ඇෆ්ගන් රජය දීර්ඝ කරයි - විරාමය අතරතුර සෙල්ෆි දසුන්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්රස්තයන් සමග එරට රජය විසින් රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කිරීමට ඇෆ්ගන් රජය කටයුතු කර තිබේ.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි සටන්කාමීන්ගෙන්ද ඉල්ලා සිටියේ රජයේ මෙම වැඩපිළිවෙළ අනුව යමින් දීර්ඝ කාලීන සාම සාකච්ඡාවකට එක්වීමට මෙය හොඳ අවස්ථාවක් බවයි.
මේ අතර, පැවති සටන් විරාමය අතරතුර මින්පෙර නොවූවිරූ අයුරින් රජයේ හමුදා සාමාජිකයන් සහ තලේබාන් සටන්කාමීන් එකිනෙකා වැළඳ ගනිමින් ආචාර කරගන්නා ආකාරය මෙන්ම, ජනතාව සමග තලේබාන් සාමාජිකයන් සෙල්ෆි ඡායාරූප ගන්නා දසුන්ද දැකගත හැකිවී තිබේ.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය අතරතුර නන්ගාර්හාර් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තලේබාන් සටන්කාමීන් මෙන්ම රජයේ නිලධාරීන් පිරිසක් හා සාමාන්‍ය වැසියන්ද ඇතුළුව 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්‍රහාරයෙන් තවත් 54 දෙනෙකු තුවාල ලැබූ අතර, එය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාවක් බව ඔවුන් භාරගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



