මහා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ තේරේසා මේ ඉදිරිපත් කරන බ්‍රෙක්සිට් යෝජනාවලිය එරට පාර්ලිමේන්තුවේදී යළිත් වරක් පරාජයට පත්ව තිබේ.
අගමැතිවරියගේ යෝජනාවලිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ඡන්ද 149කින් එය පරාජයට පත්කර ඇති අතර, එය මුල්වර ඡන්ද විමසීමට වඩා යම් අඩු සීමාවක පරාජයකි.
ඒ අනුව, ඊට එරෙහිව මන්ත්‍රීවරුන් 391ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 242ක් පමණි. එහි බහුතරය පාලක පක්ෂයෙනි. කෙසේ වෙතත්, මීට එරෙහිව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 75ක් ඡන්දය ප්‍රකාශ කර තිබීමද විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයට බ්‍රෙක්සිට් වෙත යෑමට දින 17ක් තිබියදී මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර, මේ තත්ත්වය මත බ්‍රිතාන්‍ය යෝජනාවලියකින් තොරව බ්‍රෙක්සිට් වෙත යන්නේද, එයද වැළැක්වුණොත්, බ්‍රෙක්සිට් පමා කළ යුතුද යන්න පිළිබඳව මන්ත්‍රීවරු යළි ඡන්ද විමසීමක් සිදුවිය යුතු බව අගමැතිනිය කියා සිටියි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් අගමැතිනියගේ යෝජනාවලිය දෙවරක් පරාජයට පත්වීම තුළ ඇයගේ අගමැති ධුරය සම්බන්ධයෙන්ද මේ වනවිට ප්රශ්නකාරී තත්ත්වයක් ඇතිවෙමින් පවතී.