පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් සංක්රමණිකයන් රැගත් බෝට්ටුවක් නැගෙනහිර තුර්කියේ වැන් විලෙහි ගිලී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකුවත් මෙම අනතුරින් මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
මෙම විල පිහිටා ඇත්තේ ඉරානයේ දේශ සීමාවට ආසන්නව වන අතර, මෙම සංක්රමණිකයන් බොහෝ විට තුර්කිය හරහා යුරෝපය දෙසට ගමන් කරමින් සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම අනතුරේදී බෝට්ටුවේ ගමන් කළ තවත් පුද්ගලයන් 64 දෙනෙකු බේරාගෙන අසල පිහිටි රෝහල් හා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
එරට වේලාවෙන් පාන්දර 03:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදීම දියේ ගිලීමෙන් පස් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.