ඩොලරය පිනුම් ගසද්දී යූරෝ, යෙන් අර්බුදයක
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය දශක දෙකකින් නොදුටු ඉහළ යෑමක් කරා යොමුවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය සමග ඇතිවී තිබෙන යුරෝපා බලශක්ති අර්බුදය හමුවේ යුරෝ මුදල් ඒකකය දැඩි අර්බුදයක පසුවෙද්දී, ජපාන මහ බැංකුව වඩාත් ලිහිල් මුදල් ප්රතිපත්තියකට යමින් පොලී අනුපාත අඩුකර මුදල් සැපයුම වැඩිකිරීම නිසා යෙන් මුදල් ඒකකයද පිරිහී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය 2002 අගභාගයේ සිට නොපැමිණි ඉහළම මට්ටමක් කරා පැමිණ ඇති අතර, යුරේ අප්‍රේල් මාසයේ මේ දක්වා 4.6%කින් පහත වැටී, 2015 මුල සිට එහි නරකම මාසය කරා ගමන් කරමින් සිටියි.
එමෙන්ම, පෝලන්තය සහ බල්ගේරියාව වෙත ගෑස් සැපයුම කපා හැරීමට රුසියාව ගත් පියවර මත ස්වභාවික ගෑස් මිල ඉහල යන ආකාරයටම, ඩොලර් වලින් මිල කරන ලද බලශක්ති පිරිවැය ඉහළ නංවන බැවින්, යුරෝපයේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්රකරනු ඇති බවද කියැවෙයි.


popular news
-
Roshan Saturday, 30 April 2022 01:41 PM
Ma waga desa paluwa ennaka Rata hadanna wanna naha. Jvp,samagi prathipatthi kiyala Rata hadapiyako. Thani balayak ganna hadanna. Usd pahatha elapiya. Ubalata wada api samaja gana dannawa. 225 ayaga daruwa enawada ma udgosanayata. Naha nada. Ethapalla
Reply : 0 0
කුඩගම්මන සීලරතන Sunday, 01 May 2022 07:22 PM
ගිය සතියෙ ජාත්‍යන්තර මාධ්‍යවල පළවුණා උහ බැංකුවෙන් මිලියන සීයක් පන්දාහෙ කොළවලින් හමුදා වාහන තුනකින් අරලියගහ මන්දිරය කියන රාජපක්ෂ ගුබ්බෑයමට ගෙනිච්ච කියල. ඒ ගැන මහ බැංකුවෙ අධිපති හැටියට මොකද්ද කියන්න තියෙන්නෙ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

