ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්රාන්තය ඇතුළු තවත් ප්රාන්ත කිහිපයකට බලපෑ දරුණු ටෝර්නේඩෝ කුණාටුවෙන් පසුව මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.
එහිදී මිසිසිපි ප්රාන්තයේ පමණක් මරණ 25ක් සිදුව ඇති අතර, ඇලබාමා ප්රාන්තයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.