ටෙස්ලා සිය ප්‍රථම මේඩ් ඉන් චයිනා මෝටර් රථ ලබා දෙයි
විදුලි වාහන නිෂ්පාදකයාගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් චීනයේ නිෂ්පාදිත ප්‍රථම ටෙස්ලා මෝටර් රථය එළිදක්වා තිබේ.
ෂැංහයි පිහිටි සමාගමේ ගිගාෆැක්ටරි හිදී මොඩල් 3 සෙඩාන් රථ 15ක් නිෂ්පාදනය අවසන් කර භාරදීමට හැකිවී ඇත.
එය එලොන් මස්ක්ගේ සමාගම ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළඳපොළෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීම අරමුණු කර තැබූ විශාල පියවරකි.
ටෙස්ලා චීනය වෙත පිවිසෙන්නේ වෙළෙඳ යුද්ධය නිසා අනෙකුත් ඇමෙරිකානු සමාගම්වලට චීනයෙන් නිෂ්පාදනය මාරු කිරීමට බල කෙරී ඇති වකවානුවකය.
එක්සත් ජනපද තාක්ෂණ දැවැන්තයින් වන ඇපල්, ගූගල්, එච්පී සහ ඩෙල් යන සමාගම් සියල්ලම චීනයේ සිට අනෙකුත් ආසියානු රටවලට නිෂ්පාදන මෙහෙයුම් ගෙනයාමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ටෙස්ලා මීට පෙර චීනයේ විකුණන ලද සියලුම මෝටර් රථ ආනයනය කර ඇති අතර එය තීරුබදු හේතුවෙන් අනවශ්‍ය මිල ඉහළ යෑමකට හේතු විය.
ටෙස්ලා සමාගම සිය නිෂ්පාදනය චීනය දක්වා ව්‍යාප්ත කිරීමෙන් නොනැවතී, නොවැම්බර් මාසයේදී ජර්මනියේ බර්ලිනයට නුදුරින් විශාල යුරෝපීය නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

