ටෙක්සාස් පාසල් වෙඩි තැබීම් සිද්ධියේ සැකකරු භාරවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි ආර්ලින්ටන් හි ටිම්බර්වීව් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ශල්‍යකර්මයකට භාජනය කළ 15 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කරයි. එසේම බාලවයස්කාර දැරියක් සුළු තුවාල ලබා නිදහස් කර ඇත. මේ අතර සිද්ධියට මැදිවූ ගර්භණී කාන්තාවක් පාසලේදී ප්‍රතිකාර ලැබූ අතර රෝහලට ගෙන ගොස් නැත.
තුවාල ලැබූවන්ගෙන් සමහරක් සිසුන් බව පොලිසිය විශ්වාස කරයි. ඔවුන්ගෙන් දෙදෙනෙකුට වෙඩි තබා ඇතැයි විශ්වාස කෙරේ.
සැකකරු තිමෝති ජෝර්ජ් සිම්ප්කින්ස් නමැති 18 හැවිරිදි සිසුවෙකු වන අතර වෙඩි තැබීමෙන් පසු සිම්ප්කින් පාසලෙන් පළා ගිය නමුත් පසුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මාරාන්තික ආයුධයකින් පහරදී බරපතල ලෙස පහරදීමේ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වරින් වර වාර්තා වන අතර, විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ඛේදවාචක සමග නව නීති ගැන කතා වුවත්, පසුව යළිත් ඒවා ක්‍රියාත්මක නොවන පරිසරයක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

