ටියුනීසියාව ආසන්න මුහුදේ ගිලුණු සංක්රමණික බෝට්ටුවක සිටි පුද්ගලයන් දස දෙනෙකුගේ මළ සිරුරු ටියුනීසියානු වෙරළාරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
මෙය ටියුනීසියාව තුළ ආසන්න පැය කිහිපය තුළ ගිලුණු දෙවැනි සංක්රමණික බෝට්ටුව වන අතර, මේ අනතුරු ද්විත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යුරෝපය බලා යෑම සඳහා බොහෝ සංක්රමණිකයන් මෙම අන්තරායකර බෝට්ටු ගමන්වලට එක්වන අතර, බොහෝවිට ඔවුන්ගේ ජීවිත මෙසේ මුහුදේ සැඟව යන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.