ටැන්සානියා රජය පීඩාවට පත් ජනතාව ඩො.මි.2.4ක් මුදා හරී
කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් දුප්පත් පවුල් 40,740කට ආධාර කිරීම සඳහා ටැන්සානියා රජය ටැන්සානියානු සිලිං බිලියන 5.5ක් (ඇ.ඩො.මිලියන 2.4 ක් පමණ) මුදා හැර තිබේ.
බොහෝ දුරට නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පීඩාවට පත් දුගී පවුල් සඳහා ආධාර කිරීම වෙනුවෙන් රජය ටැන්සානියා සමාජ ක්‍රියාකාරී අරමුදල (ටසාෆ්) හරහා අරමුදල් මුදා හැර ඇත.
හදිසි සෞඛ්‍ය, මානුෂීය හා ආර්ථික පිරිවැය පියවා ගනිමින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ නැගෙනහිර අප්‍රිකානු ජාතියේ ප්රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී අනුමත කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 567.25කින් මෙම මුදල් නිදහස් කර ඇත.
ටාසාෆ් අධ්යක්ෂ ජෙනරාල් ලඩිස්ලාවුස් මවාංග, වාණිජ අගනුවර ඩාර් එස් සලාම් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුගී පවුල්වලට, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල දිවිගෙවන පවුල්වලට ඔවුන්ගේ ඉතුරුම් සියල්ල වසංගතය හමුවේ භාවිත කිරීමට සිදු වූ අතර, ඔවුන්ගේ ආදායම් මාර්ගද බිඳ වැටුණු බවයි.
දුප්පත් කුටුම්භයන්ට තම ප්‍රදේශය තුළ විවිධ ව්‍යාපෘතිවල නියැලෙමින් ආදායම් උපයන පොදු රාජකාරීන් සඳහා වූ වැඩසටහනට ආධාර කිරීමට මෙම අරමුදල් උපකාරි වන බව ඔහු පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

