ඔක්තෝබර් 30 වන දින ආසියාවේ පැවැත්වෙන සමුළුවකට සමගාමීව දකුණු කොරියාවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින්පින් හමුවන බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් ෂී සහ ට්‍රම්ප් අතර හමුව සැලසුම් කිරීම සම්බන්ධව සති ගණනාවක් තිස්සේ අවිනිශ්චිතා තා පැවැතිණ.
ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු නායකයින් දෙදෙනාටම මුහුණට මුහුණ හමුවන පළමු හමුව මෙය වනු ඇත.
චීනය සිය දුර්ලභ ඛනිජ අපනයන සඳහා දැඩි කළ සීමාවන් ඉවත් නොකළහොත් නොවැම්බර් මාසයේ සිට චීන භාණ්ඩ සඳහා අමතර 100% ක තීරු බදු පැනවීමට ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් නායකයින් දෙදෙනා අතර හමුව තහවුරු කළේය.