ට්රම්ප් ස්නැප්චැට් සමාජ ජාල ගිණුම ස්ථිරවම තහනම් වේ
ස්නැප්චැට් සමාජ ජාල වේදිකාවේ ප්රකාශයකට අනුව ජනාධිපති ට්රම්ප්ගේ ගිණුම ස්ථිරවම තහනමකට ලක්ව තිබේ.
"පසුගිය සතියේ අපි ජනාධිපති ට්රම්ප්ගේ ස්නැප්චැට් ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවන බව නිවේදනය කළා. ඒ අනුව අපගේ ස්නැප්චැට් ප්රජාවගේ යහපත උදෙසා දිගු කාලීන ක්රියාමාර්ග මොනවාදැයි තක්සේරු කරමින් සිටියා" යැයි ස්නැප්චැට් ප්රකාශකයෙක් පැවසීය.
"මහජන ආරක්ෂාව සඳහා වන උනන්දුව සහ අපගේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වන වැරදි තොරතුරු, වෛරී ප්රකාශයන් සහ ප්රචණ්ඩත්වය උසිගැන්වීමට ඔහු දැරූ උත්සාහයන් මත පදනම්ව, ඔහුගේ ගිණුම ස්ථිරවම තහනම් කිරීමට අවසානයේදී අප තීරණය කර තිබෙනවා" යනුවෙන් ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මීට පෙර ෆේස්බුක් විසින් ට්රම්ප්ගේ ගිණුම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර, ට්විටර් විසින් ට්රම්ප් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ට්රම්ප්ගේ නාලිකාව අවම වශයෙන් සතියක්වත් අත්හිටුවන බව අඟහරුවාදා යූටියුබ් නිවේදනය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

