ඇමෙරිකානු හා උතුරු කොරියානු සමුළුවට පැමිණෙන ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් රථ පෙළ ජේ.ඩබ්. මැරියොට් හෝටලයෙන් පිටත්ව ගිය අතර, කිම් ජොන්ග්-උන් රැගත් රථ පෙළද දැඩි රැකවල් මධ්‍යයේ පිටත්ව ගියේය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ඓතිහාසික හමුවේ ප්‍රධාන සමුළුව හැනෝයි නුවර මෙට්‍රොපෝල් හෝටලයේදී පැවැත්වෙයි.
ඒ අනුව, නායක දෙපළ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය ඇතුළු බොහෝ කාරණා සාකච්ඡාවට බඳුන් කරමින් අද දවසේ වැඩි කාලයක් කටයුතු කරනු ඇති අතර, දිනය අවසන් භාගයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමක්ද සිදුවනු ඇති බව කියැවෙයි.