ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සිදුකරන දෙවැනි වටයේ සාකච්ඡාව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් දුම්රියෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව, චීනයේ දේශසීමා නගරය වූ ඩැන්ඩොන්ග් වෙත ළඟා වන උතුරු කොරියානු නායකයා පසුව, ගුවනින් වියට්නාමය වෙත ළඟා වනු ඇත.
වියට්නාමයේ අගනුවර වන හැනෝයි නුවරදී එලැඹෙන බදාදා සහ බ්රහස්පතින්දා යන දිනවල මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ඓතිහාසික සාකච්ඡාවේ ප්රථම අදියර පසුගිය වසරේ ජුනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, එය කොරියානු අර්ධද්වීපය න්යෂ්ටිකහරණය කිරීමේ මූලාරම්භය විය.
මෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් මෙම දෙවැනි වටයේ සාකච්ඡාවලදී කතාබහ කෙරෙනු ඇති බව ලෝකයම බලා සිටී.