ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝග නඩු විභාගයට පෙර තම පක්ෂයේ ස්ථාවරය නිසා තමා කලබලයට පත්ව ඇති බව රිපබ්ලිකන් සෙනෙට් සභික ලීසා මුර්කොව්ස්කි පවසයි.
බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් මේ මාසයේ දී ඩිමොක්රටික් පක්ෂය විසින් දෝෂාභියෝගයට ලක් කරන ලදී.
ඔහු දැන් රිපබ්ලිකන් ආධිපත්‍යය දරන සෙනෙට් සභාවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර එහි සාමාජිකයන් අපක්ෂපාතීව සිටිය යුතුව පවතී.
කෙසේ වෙතත්, සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් ධවල මන්දිරය සමඟ පූර්ණ සම්බන්ධීකරණයක් සඳහා ප්‍රතිඥා දී තිබේ.
එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක්වූ තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වුවත්, සෙනෙට් සභාවේ රිපබ්ලිකන් බලය නිසා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට අපහසුය.