ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන්ග්-උන් සමග ලබන සතියේ විට්නාමයේදී ඇරඹෙන දෙවැනි හමුවට පෙරාතුව උතුරු කොරියානු නායකයාගේ කර්ය මණ්ඩල ප්රධානියා වියට්නාමයට පැමිණ තිබේ.
වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණි කිම් චැන්ග්-සොන් රාජ්ය නායක හමුව සිදුවන ස්ථාන සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවන් සිදුකරනු ඇත.
දෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්රම්ප් අතර දෙවැනි හමුව සිදුවනු ඇත.
ඔවුන්ගේ පළමු වැනි හමුව පසුගිය වසරේ ජුනි මාසයේදී සිංගප්පූරුවේදී සිදුවූ අතර, එය දෙරටේ බලයේ සිටින රාජ්ය නායකයන් දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවූ ප්රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.