ටයිටැන් හමු වූවත් - ජීවිත බේරාගැනීම පහසු වේවිද?
මුහුද පතුලේ සැඟවුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා ගවේෂණයේ ගොස් මේ වනවිට ගැඹුරු මුහුදේ අතුරුදන්ව ඇති ටයිටැන් සම්බැරීනය සෙවීමේ මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය ගෙවී යයි.
මෙම සබ්මැරීනය තුළ සිටි පස් දෙනාට පැය 96කට සරිලන ඔක්සිජන් ප්‍රතිශතයක් පැවතියත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස වනවිට ඒ තුළ ඔක්සිජන් අවසන් වන හෝරාවද ගෙවී ගියේය.
නමුත් ඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය ප්රමුඛව අතිනවීන රොබෝ සබ්මැරීන, අධි තාක්ෂණික ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් සිදුකරන මෙහෙයුම වේගවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව, මේ වනවිටත් වෛද්‍ය කණ්ඩායමක් ඒ මුහුදු සීමාවට යොමුකර ඇති අතර, යම් ලෙසකින් සබ්මැරීනය සොයා ගැනීමට හැකි වුවහොත් එය ගොඩනැගීමෙන් පසු ඔවුන්ට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීම එහි අරමුණයි.
නමුත්, බොහෝ විශේෂඥ මතයට අනුව මේ මෙහොතේ එය සොයා ගත්තද, අතුරුදන් සබ්මැරීනය ගොඩනැගීම සඳහා තවත් පැය 7-8ක් වැය විය හැකි තත්ත්වයක, ඔවුන් ජීවග්‍රහණයෙන් බේරාගැනීමට ලැබීමේ සම්භාවිතාව ඉතාම සීමිත වෙයි.
කුඩා වෑන් රථයක ප්‍රමාණය ගත් ටයිටැන් සබ්මැරීනය තුළ ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක හා ටයිටැන් නිර්මාතෘ මෙන්ම, බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙකු, පාකිස්තාන ජාතික බිලියනපති පිය පුතු යුවලක් සහ සබ්මැරීනයේ නියමුවා වෙයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

