ඇත්දළ රැජින ලෙස විරුධාවලිය ලබා සිටි ඇත් දළ ජාවාරමේ යෙදුණු චීන ජාතික කාන්තාවක ටැන්සානියාවේදී වසර 15ක සිර දඬුවමකට යටත්ව තිබේ.
යැන්ග් ෆෙන්ග්ලන් නමැති මෙම කාන්තාව අප්රිකාව තුළ ක්රියාත්මක වූ විශාලතම ඇත්දළ ජාවාරම් ජාලය මෙහෙයවූ තැනැත්තිය ලෙස සැලකෙයි.
ඇයගේ මෙම දැවැන්ත ජාවාරම යටතේ ඇතුන් 400ක් මරා දමා, ඇ.ඩො.මිලියන 2.5ක් වටිනා ඇත් දළ වෙළෙඳාමක් සිදුකර ඇති බව හෙළිවී තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ ටැන්සානියානුවන් දෙදෙනෙකුට අත්අඩංගුවට පත්ව වරදකරුවන් වී තිබේ.
පසුගිය දශකය තුළ මෙම ඇත්දළ ජාවාරම හේතුවෙන් අලි ගහණය 20%කින් පහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
ඒ අනුව, මේ වනවිට අප්රිකාවේ අලි ගහණය 415,000කට අඩුවී ඇති අතර, පසුගිය වසර 10ක කාලය තුළ එහි අඩුවීම 110,000ක් බව සඳහන් වෙයි.