ටජිකිස්ථාන බන්ධනාගාරයකදී ජිහාඩ් රැඳවියෝ කඩු පිහි ප්රහාරයක
- 20 05 2019
- 17:35
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ටජිකිස්ථානයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති වූ කැරැල්ලක් නිසා රැඳවියන් 24 දෙනෙකු සහ එහි ආරක්ෂකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටජිකිස්ථානයේ, ඩුෂන්බේ අගනුවරට නැගෙනහිරින් වූ වඛාඩට් බන්ධනාගාරය තුළ මෙම කැරැල්ල ඇති වූ බව බලධාරීන් පවසයි.
මෙය IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට අයත් සිරකරුවන් ඇතුළු ආගමික අන්තවාදීන් රැසක් රඳවා තැබූ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බව සඳහන් වෙයි.
මාස හයක කාලය තුළ ටජිකිස්ථානයේ බන්ධනාගාරයක් තුළ ඇති වූ දෙවැනි දරුණුතම කැරැල්ල මෙය බව පැවසෙයි.
පසුගියදා රැඳවියන් විසින් එහි සිටි ආරක්ෂකයන් තිදෙනෙකු ප්රාණ ඇපයට ගැනීමත් සමග මෙම කරැල්ල ඇති වූ බවත්, ඔවුන් පිහි සහ වෙනත් තියුණු ආයුද අතැතිව සංවිධානය වී ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
