ජසින්ඩාගේ නික්ම යාමෙන් පසුව නවසීලන්තය ක්‍රිස්ට
ජසින්ඩා ආර්ඩෙන් පසුගිය සතියේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසු නවසීලන්තයේ නව අගමැති ලෙස ලේබර් පක්ෂයේ ක්‍රිස් හිප්කින්ස් එම ධුරයේ දිවුරුම් දුන්නේය.
හිප්කින්ස් නවසීලන්තයේ ආණ්ඩුකාරවරයා හෙවත්, එක්සත් රාජධානියේ රාජ්‍ය නායකයා වන චාල්ස් රජුගේ නියෝජිතයා ඉදිරියේ වෙලින්ටන් හිදී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
එමෙන්ම මෙහිදී පැසිෆික් දූපත් සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන කාර්මෙල් සෙපුලෝනි නියෝජ්‍ය අගමැති ලෙස දිවුරුම් දීමද සිදුවිය.
"මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ වගකීමයි," හිප්කින්ස් පසුව පැවසීය. "ඉදිරි අභියෝග වෙත මා ජවසම්පන්නව සහ උද්යෝගිමත්ව කටයුතු කරනවා."
මීට පෙර රටේ කොවිඩ්-19 ප්‍රතිචාරයට නායකත්වය දුන් 44 හැවිරිදි ඔහු, පසුගිය ඉරිදා පක්ෂයේ ප්‍රධානියා ලෙස තේරී පත් වූයේ තමා ඉල්ලා අස්වන බව ආර්ඩෙන් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
ආර්ඩෙන් අවසන් වරට පිටත්ව යන විට විශාල ජනතාවක් පාර්ලිමේන්තු භූමියට රැස්ව සිටි අතර ඔවුන්ගේ අත්පොළසන් හඬ මැදින් ඇය නික්ම ගියාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

