ජීවයක පැවැත්මට හිතකර පරිසරයක් පවතින්නේ යැයි විශ්වාස කරන ග්‍රහලෝකයක් සූර්යයාට ආසන්නතම තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින බව තාරකා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.
මෙම ග්‍රහ ලෝකය ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් තුන් ගුණයක් පමණ වන බව දැනටමත් උපකල්පනය කර ඇති අතර, එය පෘථිවියට ආලෝක වර්ෂ 6ක් ඔබ්බෙන් වූ බර්නාඩ් තාරකාව වටා කක්ෂගතව ඇති බවද විද්‍යාඥයෝ පවසති.
මෙම සොයාගැනීම සිදුකළ ගිලෙම් ඇන්ග්ලාඩ් ප්රමුඛ තාරකා විද්‍යාඥයන් විසින් මෙය සුපර් අර්ත් යනුවෙන් නම් කර ඇති අතර, එය විශාල වායුගෝලයක් සහිත ග්‍රහ ලෝකයක් විය හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.
පෘථිවියේ මෙන්ම, ජලය, හයිඩ්රජන්, කාබන් ඩයොක්සයිඩ් ආදිය එහි තිබිය හැකි බව ඔවුන් තරයේ විශ්වාස කරන බවද ඔවුහු පවසති.
කෙසේ වෙතත්, මෙය කක්ෂගත වී ඇති බර්නාඩ් තාරකාවේ දීප්තිය සූර්යාගේ දීප්තියෙන් 3%ක් පමණ වන නිසා එහි සූර්ය ශක්තිය ඉතා අවම අගයක පවතී.
එමෙන්ම, මෙම නව ග්රහලෝකයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 150ක් පමණ විය හැකි වුවත්, එහි වායුගෝලය නිසා ජීවයක පැවැත්මක් ගැන විද්‍යාඥයෝ සැක පහළ කරති. නමුත්, මෙ තවදුරටත් නිරීක්ෂණය කළ යුතු බවද ඔවුන් පවසා තිබේ.