ජර්මානු දේශපාලඥයන් ඉලක්කව ප්‍රබල හැකර් ප්‍රහාරයක් දියත් වේ
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇතුළු දේශපාලඥයන් රැසකගේ පෞද්ගලික දත්ත සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ඒ අනුව, එරට සෑම දේශපාලන පක්ෂයකම පාහේ ප්‍රකට දේශපාලඥයන්ගේ ට්විටර් දත්ත, දුරකථන අංක, පෞද්ගලික චැට් පණිවුඩ මෙන්ම ඔවුන්ගේ මූල්‍ය වාර්තා ආදියද මෙසේ සොරාගෙන ඇති බව කියයි.
මීට අමතරව, ජර්මනියේ ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම, ජනප්‍රිය සිනමා සහ රූපවාහිනී තරුවල දත්තද මෙසේ සොරාගෙන ඇත.
මෙම හැකර් ප්‍රහාරයට පිටුපස කවුරුන් සිටීද යන්න පැහැදිලි නොවුණත්, මෙම ප්‍රහාරයෙන් සැබෑවටම සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් සොයාගෙන නොමැති බවද කියයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජර්මානු අධිකරණ අමාත්‍ය කැට්රිනා බාර්ලි පවසා සිටියේ මෙය අතිශය ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවයි.
මෙම ප්‍රහාරය පිටුපස සිටි පිරිසට ජර්මානු ප්රජාතන්ත්රවාදයට මෙන්ම, ආයතනික විශ්වාසවන්තභාවයට හානි කිරීමේ අවශ්‍යතාවක් පැවතී ඇති බවද ඇය අවධාරණය කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

