දශක කිහිපයකට පසුව ජර්මනියේ ඇතිවන දරුණුතම වැඩවර්ජනය දියත් වෙමින් එරට ප්‍රවාහන සේවය ඇණහිටීම නිසා මිලියන 83ක ජනගහනයක් වෙසෙන යුරෝපයේ ප්රබලතම රාජ්‍යය අකර්මණ්‍ය වී තිබේ.
ජර්මනියේ ප්රබලතම වෘත්තීය සමිති කිහිපයකට එකතුවෙන් මෙම දැවැන්ත උද්ඝෝෂණය පැවැත්වෙන අතර, එරට දුරගමන් දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
එසේම පළාත්බද දුම්රිය සේවාවන්ද සැලකියයුතු ආකාරයෙන් සිය සේවා අඩුකර ඇති අතර, ජර්මනියේ ප්‍රාන්ත රැසක දෛනික කටයුතු වැඩවර්ජනය මේ හේතුවෙන් ඇණහිට තිබේ.
ජර්මනියේ ගුවන් සේවා සංගමයද කියා සිටියේ වැඩවර්ජනය හේතුවෙන් ගුවන් මගීන් 380,000කට පමණ සිය ගුවන් ගමන් මගහැරුණු බවයි.