ජර්මනියෙන් යුක්රේනය වෙත ලැබුණු ලෙපර්ඩ් 2 යුද ටැංකි 18ක් යුක්රේන ආරක්ෂක අංශ වෙත භාරදීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සතියේදී මෙම යුද ටැංකි තොගය ජර්මනියේ සිට යුක්රේනය වෙත නැව්ගත කර තිබුණු අතර, මෙය යුක්රේන දේශසීමාවේ රහසිගත පෙදෙසකදී භාරදීම සිදුව ඇති බව කියයි.
එමෙන්ම, මෙම යුද ටැංකි යුද භූමියට රැගෙන යාමට පෙර ඒවා හැසිරවීම සම්බන්ධයෙන් යුක්රේන හමුදා සාමාජිකයන්ට කඩිනම් පාඨමාලාවක් සිදුකෙරෙන බවද සඳහන් වෙයි.