ක්වඩ්රිගා ඩිජිටල් මුදල් හුවමාරු සමාගමේ නිර්මාතෘවරයා වූ පසුගිය වසරේදී හදිසියේ සිය දිවියෙන් සමුගත් කැනේඩියානු ජාතික ජෙරල්ඩ් කොට්න් දේහය පිළිබඳ යළි මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ්ය දැනුම් දී තිබේ.
ඔහු මියයන විට මෙම ඩිජිටල් මුදල් සමාගම සතුව ඇ.ඩො.මිලියන 105ක මුදල් තිබී ඇති අතර, එම මුදල් බහා තිබූ ඩිජිටල් පසුම්බිවල මුරපද දැන සිට ඇත්තේ මියගිය ජෙරල්ඩ් පමණි.
ඒ අනුව, ඉන්දියාවේදී සිදුවූයේ යැයි කියන මෙම හදිසි මරණය ඔහු විසින් මවා පෑ එකක් බවත්, ඔහු මෙම මුදල් පැහැර ගෙන සැඟවෙන්නට ඇති බවටත් සැකයක් ඇති විය.
මේ අනුව, ඔහුගේ මරණය සහ ඔහුට ඇතිවූයේ යැයි කියන හදිසි රෝගී තත්ත්වය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට මෙම මරණ පරීක්ෂණය කිරීමට තීරණය වී තිබේ.