පාලක භාරතීය ජනතා පක්ෂය (භාරතීය ජනතා පක්ෂයට) පසුබෑමකට ලක්කරමින්, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂය සහ එහි සභාගයන් ජාර්කන්ඩ් ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට සූදානම් වේ.
කොංග්‍රසය සහ සෙසු පක්ෂ ආසන 81 න් 46 ක්ම ජයග්‍රහණය කර හෝ පෙරමුණ ගෙන සිටින අතර භාරතීය ජනතා පක්ෂය දිනාගෙන තිබුණේ ආසන 25ක් පමණි.
මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු භාරතීය ජනතා පක්ෂයට අහිමි වූ දෙවැනි ප්‍රධාන ප්‍රාන්තය මෙයයි.
ඉන්දියාව තුළ විවාදයට තුඩුදී ඇති නව පුරවැසි නීතියට එරෙහිව රටපුරා විරෝධතා මධ්‍යයේ මෙම ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණු අතර, එම පනත ගෙනඒම භාරතීය ජනතා පක්ෂයේ විරුද්ධවාදීන් ධෛර්යමත් කළ සිදුවීමක් විය.
මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කියා සිටියේ තමන් මහජන වරම පිළිගන්නා බවයි. පසුගිය මාසයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩු පිහිටුවීමට පක්ෂය අපොහොසත් වූයේ සිය කලාපීය සගයා වන ශිවසේන පක්ෂය සමග ඉවත්ව යාමෙනි.