ජපාන ක්යෝතෝ ඇනිමේෂන් ප්‍රහාරයෙන් 23ක් ජීවිතක්ෂයට
ජපානයේ, ක්යෝතෝ නගරයේ සජීවීකරණ ස්ටුඩියෝවකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් සිදුකළ ගිනි තැබීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට 41 හැවිරිදි සැකකරු ක්යෝතෝ ඇනිමේෂන් කෝප්රේෂන් ස්ටුඩියෝව වෙත හදිසියේ කඩා පනිමින් ඒ තුළ පෙට්‍රල් ඉසීමෙන් පසු මෙම ගිනි තැබීම සිදුකර ඇත.
එන්.එච්.කේ. රූපවාහිනිය සඳහන් කළේ මෙම ප්‍රහාරයට ගොදුරු වූ පිරිස් පිළිබඳ තවමත් නිවැරදි තක්සේරුවක් නොමැති බවයි.
මේ අතර, ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූවද, ඔහුද තුවාල ලබා ඇති නිසා රෝහල්ගත කර ඇත.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කියා සිටියේ මෙම අපරාධය වචනයෙන් විස්තර කළ නොහැකි දෙයක් බවයි. එමෙන්ම, මින් විපතට පත්වූවන්ට සිය ශෝකය පළ කිරීමටද අගමැතිවරයා කටයුතු කළේය.
මෙම ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට තියුණු පිහි කිහිපයක්ද හමුව ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් පැහැදිලි නැතත්, සැකකරු මීට පෙර අදාළ ආයතනයේ සේවය කළ අයෙකු බව විශ්වාස කෙරෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

