විවාදයට තුඩුදී ඇති විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බව ප්‍රංශ ජනධිපති එමානුවෙන් මැක්රෝන් පවසයි.
රටේ ජනතාවගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමට ප්‍රංශ ජනාධිපතිවරයා යෝජනා කළ අතර, මෙය රට තුළ දැඩි විරෝධතා ව්‍යාපාරයක් ඇති කිරීමට හේතු විය.
ඔහු පවසා සිටියේ තමන් රාජකාරීන් ආරම්භ කළ කාලයේ මිලියනයක් වූ එරට විශ්‍රාමිකයන්, අද වනවිට මිලියන 17ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. එය 2030 වනවිට මිලියන 20ක් දක්වා වැඩිවන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ප්‍රතිසංස්කරණ වඩාත් ජනප්‍රිය තීරණයක් නොවූවත්, තමන් ජනප්‍රිය නොවීමට තීරණය කළ බව මැක්රෝන් වැඩිදුරටත් පැවසීය.